අප්‍රේල් 3 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වයං මැදිහත් වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව පවසන්නේ 2023 අප්‍රේල් 03 පැවති උද්ඝෝෂණය විසිරුවා හැරීම සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළ වූ වාර්තා පදනම්ව 1996 අංක21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් පනතේ 14වැනි වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ අරඹන බවයි.
2023 අප්‍රේල් 10 වැනිදාට පෙර සිසුන්ගේ විරෝධතාවය විසිරුවා හැරීම සම්බන්ධයෙන් වාර්තාවක් මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන මෙන් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.







