ශ්රී ලංකා – නවසීලන්ත විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට ශ්රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ටෙස්ට් තරගාවලිය සහ එක් දින තරගාවලිය වේදනාත්මක ලෙස පරාජයට පත් වූ ශ්රී ලංකා කණ්ඩායම විස්සයි 20 තරගාවලි ජයග්රහණයක් අභියස හිඳි.
අතිශය තියුණු තරගයකින් පසු ලකුණු සමවීමෙන් අනතුරුව සුපිරි පන්දු ඕවරයේ දී සටන් කාමී ජයක් පළමු විස්සයි 20 තරගයේ දී ශ්රී ලංකාව විසින් ලබා ගත්තේය.
හෙට පැවැත්වෙන තරගයට ක්රිඩා කරන ශ්රී ලංකා යම් වෙනසක් සිදුවනු ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. ඩන්ඩීන් හි දී පැවැත්වෙන තරගයේ තණතීරුවේ ස්වරූපය අනුව තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්න වෙනුවට වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
බොහෝ විට කසුන් රාජිත හෝ ලහිරු කුමාර කණ්ඩායමට ක්රීඩා කරනු ඇත.







