අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණ කර තිබේ. අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම තීන්දුව ගෙන ඇති බව අමාත්‍යාංශය කියයි.
- ඒ අනුව ත්‍රී රෝද රථයක් සඳහා ලීටර 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර 08ක් දක්වා වැඩි කර ඇත.
- යතුරු පැදි සඳහා ඉන්ධන කෝටාව ලීටර 4 සිට 07ක් දක්වා වැඩි කර තිබේ.
- බස් රථ සඳහා කෝටාව ලීටර 40 සිට 60 දක්වා ඉහළ දමා ඇත.
- ලීටර 20ක් වූ මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 30ක් තෙක් වැඩි කර තිබේ.
- වෑන් රථ සඳහා ලීටර 20ක් වූ ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටර 30කි.
- ඉඩම් වාහන සඳහා කෝටාව ලීටර15 සිට 25 දක්වා ඉහළ දමා ඇති අතර ලොරි සඳහා කෝටාව ලීටර 50 සිට 75 තෙක් ඉහළ දමා ඇත.
- එමෙන්ම විශේෂ කාර්ය වාහන සඳහා ඉන්ධ ලීටර 20 සිට 30 දක්වා කෝටාව ඉහළ දමා තිබේ.







