දිනසේන රතුගමගේ
වසර දාහතරක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි දෙමළ දේශපාලන සිරකරුවන් තුන් දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු වී නොමැති නිසා ඔවුන් තුන් දෙනාව වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් ඊයේ ( 3 ) නිදහස් කොට තිබේ.
2009 මැයි මාසයේදී ආරක්ෂ අංශ විසින් මොවුන් තුන් දෙනා යාපනය මුලතිව් හා වවුනියාව යන පළාත් වලින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට තිබේ.
නමුත් මේ දක්වා ඔවුන්ට එරෙහිව චෝදනා නීතිපතිවරයා විසින් ගොණු කොට නොමැති නිසා වවුනියාව මහාධිකරණයේ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා අධිකරණයට කියා සිටියේ මේ තුන් දෙනා තවදුරටත් රදවා තබා ගැනීම අසාධාරණයක් මෙන්ම නිශ්පල කාරණයක් බවයි.
මේ තිදෙනා ගේ විස්තර වාර්තා සැලකිල්ලට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ව නිදහස් කරණු ලැබීය.
වසර දාහතරකට පසුව නිදහස ලැබූ ඊ. තිරුවරුල් (අවු. 45), එම්.සුලක්සන් (වයස 34), කේ. දර්ශන් (වයස 33) යන දෙමළ දේශපාලන සිරකරුවන් දැක ගැනීමට ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් වවුනියාව මහාධිකරණය වෙත පැමිණ සිටියහ.







