මනම්පිටිය නිමල් ජයරත්න –
මහවැලි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතියෙන් මීට සති දෙකකට පෙර මහවැලි බී කලාපයට අයත් දිඹුලාගල මගුල්දමන ගම්මානයෙ තම දූ දරුවන්ට උරුම වීමට තිබූ අක්කර දෙසීයකින් යුත් බිම් ප්‍රමාණයක් උතුරු මැද පළාත්ආ ණ්ඩුකාර වරයාට සහ කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට, ලබාදී ඇති බවට චෝදනා කරමින් එම ගම්මානයේ ගොවීන් පිරිසක් අද ( 28 ) දහවල් විරෝධතාවක නිරත වූහ.
මීට සති දෙකකට පෙර එම බිම් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් යන්ත්‍ර, සූත්‍ර යොදා හෙලි පෙහෙලි කර ඇති බවත්, ලබාදී ඇති මෙම භූමිය තුළ සුගලාදේවිය, කාලිංගමාඝ ඇතුළු රජවරුන් සිවුදෙනෙකුගේ වස්තු තැන්පත් කර ඇති බවට සැලකෙන මාගල පුරාවිද්‍යා ස්ථානය සහ ඉපැරණි වැවක් ද පිහිටා තිබෙන අතර ඉන් එම පෞරාණික තත්ත්වයට හානි වන බවත් මෙම උද්ඝෝෂකයෝ සඳහන් කළහ,
තම ගම්මානයේ ගොඩ ඉඩම් නොමැති විශාල ප්‍රමාණයක් එකම අක්කර භාගය තුළ පදිංචිව සිටියදී පිටස්තර පුද්ගලයන්ට එම ඉඩම් ලබාදීම අසාධාරණ බවත්, ලබාදී ඇති අක්කර දෙසීයක භූමියෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අක්කර 50 ක්ද කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අක්කර 50 ක් සහ ඉතිරි අක්කර 100 ප්‍රමාණය තරුණ ගොවිපලක් බවට පවසා ලබාදී ඇති බවටද මෙම විරෝධතාකරුවෝ චෝදනා කළහ,

එෆ්,සී,01/ඩී 5 101 බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති කේ. එම්. කේ. කුලතුංග සඳහන් කළේ තම ගම්මානයේ දරුවන්ට ලබාදීමට නියමිතව තිබෙන මෙම ඉඩම් ලබාදීම නීතිවිරෝධී අයුරින් සිදුකර ඇති බවත්, මෙම නීති විරෝධී ඉඩම් බෙදාදීම නතර කිරීමට කටයුතු නොකළොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
තම ගම්මානයේ කිරි ගවයින් දාහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, ඉන් පවුල් ගණනාවක් ජීවත්වන අතර මෙම තත්වය යටතේ ගවයින්ගේ තෘණ භූමි පවා විනාශ වී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය අනුව අගල් කැපීම තහනම් කර තිබියදී එම භූමියේ දේශපාලන බලය යොදාගෙන මහා පරිමාණයෙන් අගල් කැපීම සිදුවන බවත් ගොවි සංවිධාන සභාපතිවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරකාර මහීපාල හේරත්ගේ සම්බන්ධීකරණ ලේකම් නිලන්ත ඒකනායක සඳහන් කළේ ගොවීන් නගන එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
අනතුරුව අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එලෙස සුද්ධ පවිත්‍ර කරන ලද ඉඩම් තරුණ සේවා සභාවේ තරුණයන්ට තරුණ ගොවිපලක් සඳහා වෙන්කර ඇති ඉඩම් බවය.







