කීර්ති ප්රනාන්දු –
ලබන සඳුදා ( 27 ) සිට ක්රියාත්මක වන ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 80කින් පහත දමන බව කිරිපිටි ආනයනකරුවෝ අද (23) පැවසූහ.
රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් එම වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීම සඳහා මෙම මිල අඩු කිරීම සිදුකරන බව පවසන ආනයනකරුවෝ ඉකුත් මාස වල කිරිපිටි මිල ඉහළ යාමත් සමග අලෙවිය ද සැලකිය යුතු මට්ටමකින් බිඳවැටී තිබු බවද කියා සිටී .
එසේම ඉදිරියේදී ඩොලරයට සාපේක්ෂව රුපියල තව තවත් ශක්තිමත් වුවහොත් කිරිපිට මිල තවත් අඩු කිරීමට පියවර ගන්නා බවද එම ආනයනකරුවෝ පැවසීය







