ශ්‍රි ලංකාවේ ආර්ථිකය යහපත් දිශානතියකට ගමන් කිරීමට රජය විසින් කරගෙන යනු ලබන ප්රගතිශිලී බදු ප්‍රතිසංස්කරණ මෙන්ම මෙන්ම සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම අඛණ්ඩ ව සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (20) අරමුදලේ විධායක මණඩලය ශ්‍රි ලංකාව විසින් ඉල්ලුම් කරන ලද අමෙරිකානු ඩොලර් 2.9ක විස්තිරණ ණය පහසුකම ට අදළ අනුමැතිය ලබා දීමෙන් පසුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අද්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මේ බව පවසයි.
වසර හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් ශ්‍රි ලංකාව වෙත ලැබෙන බවත් එහි පළමු කොටස වන ඩොලර් මිලියන 333ක් අද හෙටම ශ්‍රි ලංකාව වෙත ලැබෙනු ඇති බවත් මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.
අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් මගින් මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය තවදුරටත් සඳහන් කරන්නේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජන ප්‍රජාව ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රාජ්‍ය ආදායම් උපදවා ගැනීමත් එම ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවක් අවශ්‍ය වන බවය. මේ සම්බන්ධයෙන්, අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්රගතිශීලී බදු ප්‍රතිසංස්කරණවල ගම්‍යතාව පවත්වා ගත යුතු අතර, සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කර දුප්පතුන්ට වඩා හොඳින් ඉලක්ක කළ යුතු බවද ඇය එහිදී අවධාරණ කර තිබේ.
“ රටේ ආර්ථිකය තුළ මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්. ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමි රටවල්වලින් නිශ්චිත සහ විශ්වාසනීය මූල්‍ය සහතික ලබාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ටත් ඉතා වැදගත් . වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව විනිවිද භාවයෙන් යුතුව ණය නිරාකරණය සාක්ෂාත් කර ගැනීමට බලධාරීන්ගේ කැපවීම් සහ නියමිත වේලාවට ණය හිමියන් අතර සාධාරණ බර බෙදා ගැනීම සාදරයෙන් පිළිගන්නවා.
“උද්ධමනය පාලනය කිරීම සඳහා ඉලක්ක කරගත් ශ්‍රී ලංකාව බහුවිධ උද්ධමන උපාය මාර්ගයට කැපවී සිටිය යුතුයි. එමෙන්ම වෙළඳපල විශ්වාසය නැවත ලබා ගන්නා විට, බලධාරීන් විසින් මෑතකදී හඳුන්වා දුන් වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවය සංචිත නැවත ගොඩ නැගීමට උපකාරී වනු ඇති.“ යනුවෙන්ද පවසා ඇත.







