-
නිසි අවරසරයක් නැතිව ශබ්ද විකාශන භාවිතා කර බැනර් යොදාගෙන ජනතාව කුපිත කරමින් රජය අපහසුතාවයට පත් කරලා… කුරුඳුවත්ත පොලිිසය අධිකරණයට කියයි…
මාර්තු 26 දා කොළඹ විරෝධතා ජන රැළිය සංවිධානය කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ, සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත කරුණු වාර්තා කළේය.
කුරුඳුවත්ත පොලිිසය අධිකරණයට දැන්වූයේ අධිකරණ නියෝගක කඩ කරමින් නිසි අවසරයකින් තොරව ආණ්ඩුවට එරෙහිව මහජනතාව කුපිත වන ආකාරයෙන් මෙම උද්ඝෝෂණය හා පෙළපාළිය සංවිධානය කර තිබුණු බවය.
ජාතික ජන බලවේගය මෙම උද්ඝෝෂනය ඉකුත් 26 දා සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පවත්වන ලෙස රජයට බල කිරීම සඳහාය.

එම උද්ඝෝෂණය සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කරනවන ආකාරයේ ප්‍රකාශ බැනර්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර සිදුකර එම උද්ඝෝෂණයේ දී රජය අපහසුතාවයට පත් කළ බවය.
මේ ආකාරයෙන් රජය අපහසුතාවයට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව විමර්ශන පවත්වා ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අකිරණ නියෝග කඩකරමින් නිසි අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් කතාවක් පැවැත්වූ බවත් පොලිසිය අධිකරණයට කීවේය.
එම කතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර රජය අපහසුතාවයට පත් කළ බව පවසන කුරුඳුවත්ත පොලිසිය මේ සියලු කාර්යය සඳහා නිසි අවසර ලබාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බව දැන්වීය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශන පවත්වා කරුණු වාර්තා කිරීමට පොලිසියට නියෝග කර ඇත. 







