මැතිවරණය කල් දැමීම ප්‍රකාශ කර දින 21 ඇතුළත නැවත මැතිවරණ දියනක් නම් කළ යුතු බවත් හැකි ඉක්මනින් එම දිනය ප්‍රකාශ කිරන ලෙස ජාතික ජන බලවේගය ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම එම කොමිසම පිළිගත් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (28) මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පස් දෙනා සමග ජාතික ජන බලවේගයේ ප්‍රධාන සභිකයින් පිරිසක් කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණය ප්‍රකාශයට පත් කර දින 44ක් ප්රචාරක කටයුතු සිදුකිරීමට කාලයක් තිබුණු බවත්, ඡන්දය කල් දැමීමත් සමග ඒ මැතිවරණ සැලසුම මුළුමනින්ම අවුල් වී ප්රචාරක කටයුතු වෙනුවෙන් දැරිය යුතු වැය බර සෑම දේශපාලන පක්ෂයකට දැරිය නොහැකි ගැටලුවක් මතු කර ඇති බවත් ඔහු කීවේය.
එමෙන්ම මේ තත්ත්වය තුළ සෑම පක්ෂයකම මැතිවරණ අපේක්ෂකයින් ද බරපතල ගැටලුවකට මුහුණ දී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය. නාම යෝජනා ලබා දුන් දින ජනවාරි 21 සිට ඡන්දය පැවැත්වෙන මාර්තු 09 තෙක් පඩි රහිත නිවාඩු පිට සිටින රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂයන් සඳහා මැතිවරණය කල් යන දින ගණන ආවරණය කරමින් වැටුප් ලබා දීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා පැවසුවේය.
මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම් දෙක පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කලේ යැයි ඔහු පැවසුවේය.
“මැතිවරණ කොමිසම ට උඩින් විධායක ජනාධිපතිවරයාවත්, නීතිපතිවරයාවත්, මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය හෝ භාණ්ඩාගාර ලේකම්වරයා නෑ… ඒ නිසා ජනතාවගේ ඡන්ද අයිතිය සහ දේශපාලන පක්ෂවල අයිතිය ආරක්ෂා කරන එක කොමිසමේ වගකීම බව අප කීවා. “
“ඔවුන් කැපවිමෙන් තමන්ගේ වගකීම ඉටු කරන බව අප සමග කිව්වා. භාණ්ඩාගාරයේ ලේකම්වරයා මුදල් ලබා දීමට දක්වන එකඟතාවයන් පිළිබඳ විමසීමක් කර
ඒ විමසිීමට අනුව මාර්තු තුන නැවත කොමිසම රැස් වෙලා නව දිනයක් ප්‍රකාශ කරන බව කීවා”
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.







