දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලය තුළ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ශාස්ත්‍ර පීඨයේ තුන් වන වසරේ සිසුන් හතර දෙනෙකුගේ පන්ති තහනම් කොට ඔවුන්ට 25 වෙනිදා සිට විශ්ව විද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට පත් කොට තිබේ.
යාපනය විශ්ව විද්‍යාලය තුළ ඇති වූ සිද්ධියක් නිසා ශාස්ත්‍ර පීඨයේ තුන් වන වසරේ සිසුන් පිරිසක් 24 දා රාත්‍රියේ පොලු මුගුරු රැගෙන දෙවන වසරේ සිසුන්ට පහර දී ඇති අතර එම ප්‍රහාර වලින් සිසුන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහුගේ හිසට හා උරහිසට තද බල ලෙස තුවාල සිදුව ඇත.
තුවාල ලැබූ සිසුන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන් ගෙන හතර දෙනෙකු මේ වන විට රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන පිටව ගොස් තිබේ.
විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණයකින් පසුව සිසුන් හතර දෙනෙකුගේ පන්ති තහනම් කොට ඇති අතර එම පරීක්ෂණය තව දුරටත් පැවැත්වේ.







