කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බූරු මූණා නාමැති පාතාල අපරාධකරු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අතර සිටි සැරයන්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමට නියෝග කර තිබේ.
තවද අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදා හැරීම ද අධිකරණය නියෝග කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු එහීදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බැවින් ගුවන් ගමන් තහනමක් ද පනවා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මේ ලිපියත් කියවන්න…
මේ ඝාතකයා මතක ද? කටුනායකදී පොලිසියෙන් පැන්න පාතාලයා හරක් කටාගේ ගෝල “බූරු මූනා”!







