ලලිත් චාමින්ද –
“මහ බැංකුව කැඩුවෙත් නැහැ. කඩන්න මහ බැංකුවක් තිබුනෙත් නැහැ” කියා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා හෙට අනිද්දා වනවිට කියන බවට තමන්ට කැට තියා කිව හැකි බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හදුන්නෙත්ති ඊයේ (23) පස්වරුවේ දි ගාල්ල ඉමදුවේ දි පැවසිය.
ඉමදුව පොළ භුමියේ පැවති ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. සුනිල් හඳුන්නෙත්ති මෙසේද කිවේය.
“මෙහෙම කියන්න බැරි නැති කට. සංවේදි නහර නැහැ. හිනා වුනොත් තරහයි. තරහ වුනොත් හිනාවෙයි. අද ඔහු ජනතාවට හිනා වෙනවා. මෙන්න මේ දුෂ්ඨත්වය පැරදවිමට සාමකාමිව ප්රජාතන්ත්රවාදිව අපිට කළ හැකි හැම දෙයක්ම සිදුකරන බව මේ රට හමුවේ සපථ කරණවා. එක පැත්තක ඉන්නවා ජනතාව මාලිමාවත් එක්ක. අනික් පැත්තේ ඉන්නවා රනිල් ජනාධිපති කරපු අලි බබා සහ හොරු 40. අලියා ජනාධිපතිකරපු 134. අලියා දැන් පිස්සු කෙලිනවා. පාර්ලිමේන්තුව සැසිවාරය කල්දමනවා, අවසන්කරණවා, ආයි පාර්ලිමේන්තුවට ඇවිත් කථා කරණවා. හිටපු ගමන් ජනරජ පෙරහැර තියෙනවා. අලියා පිටේ රාජ්ය ලංඡනය ගෙනියනවා. රටේ ජනතාවට විකාර වෙලා. ජනාධිපතිතුමා කියනවා 2048 වර්ෂයේ දිලු ආර්ථිකය හදලා ඉවර කරන්නේ. ඒ කියන්නේ 2048 වෙනකම් ඡන්දය නැහැ. මේ අය 2048 වෙනකම් හිටියොත් මරුවට තියේවි.
අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉදලා ඇමතිකම් කරලා දැන් තමයි මතක්වෙලා තියෙන්නේ ආර්ථිකය හදන්න. ජනතාව තමයි ආර්ථිකය වනසලා විනාශකරලා තියෙන්නේ. මැතිවරණ සිතියම හකුලලා ආර්ථිකය හදන්න තමයි හදන්නේ. ජනසම්මත ලෝකයේ කවුද පිළිගන්නේ මැතිවරණ සිතියම හකුලා ආර්ථිකය හදන්න පුළුවන් කියලා. ඒකාධිපතියෙක් ආර්ථිකයක් හදපු රටක් ලෝකයේ නැහැ. “
ප්රජාතන්ත්රවාද හකුලා ජනතා කැමැත්ත පැත්තකට දමලා හදපු රටවල් නැති බවද සුනිල් හදුන්නෙත්ති සදහන් කළේය..







