අභිනව සභාපති මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාව ප්‍රථම වරට රැස්වූයේය.
විපක්ෂයේ සංවිධායකවරයා විසින් එම තනතුරට යෝජනා කර තිබුණේ ආචාර්ය හර්ෂ ද සිල්වා ය.
එහෙත් අද රැස්වූ තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක නම් කෙරිණි.
ඒ සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති විය.
මීට පෙර රාජ්‍ය මූල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බවට ඉඟි පළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ එය විපක්ෂයේ සේවය ප්‍රතික්ෂේප කරන ආණ්ඩු පක්ෂයේ ක්‍රියාවක් බවය.
“රජයට අපගේ සේවාවන් අවශ්‍ය වූ අතර මූල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස සේවා සැපයීමට මම එකඟ වුණා. නමුත් මම දැන් දකින විදියට විපක්ෂයේ සහයෝගය ආණ්ඩුවට අවශ්‍ය නැහැ. මට මේ තනතුර නැතිව හොඳට ඉන්න පුළුවන් නමුත් ආණ්ඩුව හැසිරෙන ආකාරය පැහැදිලියි,”
“මෙයින් පෙනී යන්නේ රජයට තමන්ට පාලනය කළ හැකි අයෙකු මූල්‍ය කමිටු ඉ සභාපති ලෙස පත් කිරීමට අවශ්‍ය බවයි” ඔහු පසුව මාධ්‍යට කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ අශෝක් අබේසිංහ තර්ක කළේ තේරීම් කමිටුවට අනුමත කළ හැක්කේ දැනටමත් නම් කර ඇති නම පමණක් බවය.
නවකයෙකු පත් කිරීමට තේරීම් කාරක සභාවට බලයක් නැතැයි රාජකරුණා පැවසීය.
මේ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේ ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ විපක්ෂයේ අයෙකු මුදල් කමිටුවේ ප්‍රධානියා විය යුතු බව පමණක් බය. තේරීම් කාරක සභාව කර ඇත්තේ එය බවත්ය. විපක්ෂය ජනතාව නොමග නොයැවිය යුතු බවත් ඔහු පැවසීය.