අද පස්වරුවේ අති උත්කර්ෂවත් අන්දමින් ජනරජ පෙරහර මහනුවර දී වීදි සංචාරය කිරීමට නියමිතය.
පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත.
අලි ඇතුන් 60කට ආසන්න ප්‍රමාණයක් සහභාගී කරවමින් ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝල් පෙරහර තරමටම විචිත්රව හා උත්කර්ෂවත්ව මෙම පෙරහැර පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් මත පැවැත්වෙන ජනරජ පෙරහර නැරඹීමටත් ජනරජ දිනය වෙනුවෙන් අද දිනය පුරා පැවැත්වෙන උත්සව මාලාවට සහභාගී වීමටත් රජයේ කැබිනට් මණ්ඩලයත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ සිට කොළඹ සිට නුවරට පැමිණ සිටිති.
පෙරහර අවස්ථාවට ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක ගේ සහභාගී වීමට නියමිතය.
එමෙන්ම පෙරහැර නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වනු ඇත.
මෙම පෙරහර මංගල්‍යයට වැයවන වැය නිශ්චිතව ලේඛණ ගත කර නැත. පෙරහර මංගල්‍යය ඇතුළු අද පැවැත්වෙන ජනරජ දින උත්සව සඳහා වන සමස්ථ පිරිවැය කෝටි 10කට ආසන්න වනු ඇතැයි අනුමාන කෙරේ.
අද පැවැත්වෙන ජනරජ පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇත.
එම වැඩපිළිවෙළ පහත දැක්වේ.








