විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.







