සියයට හැට හයක විදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාවට මහ ජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූ බව එහි සභාපති ජනක රත්නායක පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා පවසන්නේ එමගින් වාර්ෂිකව බිලියන 287ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවය.
විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව විදුලිබල පනතේ සහ මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ ප්රතිපාදනවලට අනුව සමාලෝචනය කළ බවත් එහිදී කොමිසන් සභාවේ ගාස්තු ක්රමයට අනුමැතිය දීමට තමා හැර කොමිසමේ සෙසු සාමජිකයින්වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්.ජී සේනාරත්න විරෝධය පල කළ බව ද ජනක රත්නායක නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඔවුන් ඒ වෙනුවට ලංකා විදුලිබ මණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්රමයට අනුමැතිය පල කළ බව ද සභාපතිවරයා කියයි.







