බොරැල්ල කනත්ත තුළ දී අභිරහස් ලෙස මියගිය ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද (14 ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මේ වනවිට මෙම මරණය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුවෙමින් ඇත.







