අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසම විදුලිබල මණ්ඩලයට එරෙහිව පැවරූ නඩුව විභාගයට ගන්නවා ද නැද්ද?… තීරණය ප්‍රකාශ කිරීම ඉදිරියට…

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

එම නියෝගය නිකුත් කළේ අද (07) ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී ය.

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල අද විභාග වුනේ දෙවැනි දිනටය. එහිදී පැවති කරුණු විභාගය අවසන්වීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි.

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බවත් පසුව එය විධානයක් වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුව එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරී බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහෙත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, මානව හිමිකම් කොමිසමට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් නොමැති බවය.

එබැවින් අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් විශේෂ අවස්ථා කීපයක දි හැර අපොස උසස්පෙළ විභාගය පවතින මුළු කාලසීමාව තුළම අඛන්ඩ විදුලි කප්පාදුව තවමත් සිදුවෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරු හෙට හදිසි සේවා අතලොස්සක් හැර රජයේ සහ පුද්ගලික රෝහල්වල ප්‍රතිකාරවලින් මුලුමනින් බැහැර වෙති….

Next Post

තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.