මරදාන එල්ෆිස්ටන් රඟහල ඉදිරිපිට පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඊයේ (04) රාත්‍රියේ මෙම සාමකාමී උද්ඝෝෂකයින් පිරිසට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පළවා හැරියේය. විරෝධතා කරුවන්ට බීමත් මැරයින් ද ප්‍රහාර එල්ල කළ බවට විරෝධතාකරුවෝ චෝදනා එල්ල කළහ.
අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමින් මෙ විරෝධතාවය ඊයේ (03) දහවල් ආරම්භ විය.
පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි. ඒ පිළිබඳ අධිකරණ නියෝගය පැහැදිලි කිරීමට විරෝධතාකරුවන්ගේ පාර්ශවයේ නීතිඥවරුන්ට අවස්ථාවක් ලබා දෙන්නට පොලිසිය කටයුතු කළේ නැත
අනතුරුව ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ පිරිස් පළවා හරිමින් 4 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Sri Lanka Police attacked to a lady who was in the Satyagraha Campaign, Elphinstone, Maradana and she was forcibly carried away.@UN @cvoule @HRCSriLanka @hrw @UNHumanRights @amnestysasia @amnesty #SriLanka #Protest #HumanRights #HumanRightsViolations #Police #Attack #Freedom pic.twitter.com/JGoq7Fveay
— Uvindu Rajapakshe (@UvinduBro) February 3, 2023







