සුමිත් පොතුපිටිය –
බස් රථවල සහ දුම්රියන් වල ගමන් ගන්නා විශ්ව විද්යාල සිසුන් සහ රැකියා වන්හී නියුතු පුද්ගලයින්ගේ ගමන් මළුවල ඇති ලැප්ටොප් පරිඝණක යන්ත්ර සොරකම් කරන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිඝණක සහ උපාංග තොගයක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, දොඹගොඩ ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
එක් ලැප්ටොප් පරිඝණකයක් සමග අත්අඩංගුවට ගෙන කල පරීක්ෂණ වලින් පසු සොරකම් කල ලැප්ටොප් පරිඝණක 10 ක් සොයාගත් බවද පොලිසිය කීය.
ගමන් මල්ලක් රැගෙන බස් රථ සහ දුම්රියන් වලට ගොඩවන සැකකරු රාක්කවල තබන මගීන් ගේ ගමන්මළු නිරීක්ෂණය කර ඒ අසලින් සිය ගමන් මල්ල තබා සූක්ෂම ලෙස අනෙක් ගමන් මළු සොරකම් කර ඊළග නැවතුමෙන් බැසයාම සිදුකර ඇතැයි පොලිසිය කීය.
සොරකම් කල ගමන් මල්ලේ ඇති ලැප්ටොප් යන්ත්ර සහ වෙනත් වටිනා දෑ රැගෙන ඊළඟ සොරකම සදහා එම ගමන් මල්ල භාවිතා කිරීම පුරුද්දක් ලෙස කර ඇතැයිද වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.