මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් හිටිහැටියේ ඉවත්වීම බරපතල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ෆැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමගම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කළ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
“මේ ඉල්ලා අස්වීම සම්බන්ධව මේ වනතුරු කිසිම නිල දැනුම් දීමක් මැතිවරණ කොමිසමට ලැබී නැති බව මැතිවරණ කොමිසම කියනවා. “
“තාමත් අපි දන්නෙ නෑ ඇය ඇත්තටම ඉල්ලා අස්වෙලා ද කියලා . එහෙම ඉල්ලා අස්වෙලා නම් එය බරපතල විදිහෙ වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. “
“අපි දැක්කා මීට පෙර සාමාජිකයින් දෙදෙනෙකුට මරණීය තර්ජනය එල්ලා වෙලා තිබුණා. ඒ නිසා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවය තියනවා. මෙය මැතිවරණය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක්ද කියන සැකය තියනවා. ඒ නිසා මේ පිළිබඳව අදාල බලධාරීන් විධිමත් සොයා බැලිමක් කළ යුතු වෙනවා. “
ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයෙක් ඉවත්වීම ප්‍රකාශිත මැතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන බවත්, මැතිවරණ කොමිසේ සාභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක් නැතැයි දැනුම් දී ඇති බවත් සභාපතිවරයා කීවේය.







