මහජන උපයෝගීතා කොමිසම මෙන්ම මානව හිමිකම් කොමිසම විසින්ද සිදු කරන ලද ඉල්ලීම් නොසලකමින් ලංකා විදුලි බල මණ්ඩලය අද (26) දිනයේද විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇත.
උසස් පෙළ විභාගය ලියන සිසුන් අසීරුතාවට පත් වීම වැළැක්වීමේ අරමුණින් අද (26) සිට පෙබරවාරි මස 17 වැනිදා විභාගය අවසන් වන තෙක් අඛණ්ඩ විදුලිය සැයුමක් ලබා දීමට ඊයේ එකඟ වී තිබූ විදුලි බල මණ්ඩලය අද සිය එකඟතාව කඩ කළ බවට මේ වනවිටත් මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි ලැබි ඇති බව එම කොමිසම පවසයි.
ඊයේ ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන්ද මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් සමඟ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන ලද අතර එහිදී ඔවුහු අඛණ්ඩ විදුලිය සැපයුමක් වෙනුවෙන් සිය දායකත්වය සහ සහය දෙන බවට එකඟතාවකට පැමිණියහ.
ඒ අනුව මහජන උපයොගිතා කොමිසම මානව හිමිකම් කොමිසම වෙත අද (26) දන්වා තිබුණේ එම කොමිසම මඟින් විදුලි බල මණ්ඩලයට අඛණ්ඩ විදුලිය සැපයන ලෙසට විධානය කර ඇති බවයි. යම් හෙයකින් එම විධානය පිළිපැදීමට අපොහොසත් වුවහොතේ 2009 අංක 20 දරණ ශ්‍රි ලංකා විදුලි බල (සංශෝධිත පනතේ 48 වැනි වගන්තියට ප්‍රකාර ව නීතිමය පියවර ගන්නා බව සඳහන් කර තිබේ.
මානව හිමිකම් කොමිසම ඊයේ කළ නිවේදනය පහත දැක්වේ.








