මැද මහනුවර ඉන්ධන පිරවුම් හල අසළදී අද (26) පස්වරු 2.30 ට පමණ සිදුකළ හදිසි පරීක්ෂාවක දී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ ලොරි රථයේ තිබී ඩෙටනේටර් 05 ක්,අඩි 18 ක දිගකින් යුත් සේවා නූල් 05 ක්,කළු වෙඩි බෙහෙත් ග්‍රෑම් 450 ක්,ඇමෝනියා ග්‍රෑම් 335 ක්,ඩයිනා කරල් 03 ක්,ගිලට් මැෂින් 01 ක් හා චේන් බ්ලොක් එකක් සොයාගත් බව පොලීසිය පවසයි.
දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි වාහනයේ රියදුරු අත්අඩංගුවට ගෙන පොලීසිය ප්‍රශ්න කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය පරීක්ෂණ පවත්වයි







