දළයි ළාමාතුමන් ශ්රි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවට පළවන ප්රචාරයන්ට ප්රතිචාර දක්වන චීනය ඒ පිළිබඳව සිය අකැමැත්ත ප්රසිද්ධියේම ප්රකාශ කර තිබේ.
පසුගිය දින කිහිපයේ මහනුවර ප්රදේශයේ සංචාරය කළ චීන වැඩබලන තානාපති හූ යෙන් එහිදී ප්රකාශ කර සිටියේ දළයි ලාමාතුමන් ශ්රි ලංකාවට පැමිණියහොත් එයින් ශ්රි ලංකා – චීන මිත්රත්වය පළුදු වීමක් විය හැකි බවය.
දළයි ලාමාතුමන්ට ශ්රි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර ඇදත්දැයි තමන් මහා නායක හිමිවරුන්ගෙන් ඇසුවද එවැනි ආරාධනයක් පිළිබඳව භික්ෂුන් වහන්සේලා ප්රතික්ෂේප කළ බවද චීන වැඩබලන තානාපතිවරයා ශ්රි ලංකන් මිරර් වෙබ් අඩවිය සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමින් පවසා ඇත.
එහිදී චීන වැඩබලන තානාපතිවරයා පවසන්නේ දළයි ලාමා තුමන් ශ්රි ලංකාව නැරඹීමට පැමිණෙන බව ප්රකාශ වුවද එහි සැබෑ අරමුණ එය නොවන බවය. එසේම එතුමන් සැබෑවටම භික්ෂුවක් නොවන බවද පවසන තානාපතිවරයා ටිබෙට් දේශය යනු තවදුරටත් චීනයේම කොටසක් බවද සඳහන් කළේය.
“චීනය ක්රියා කරන්නේ එක චීනයක් යන දැක්මට. ටිබෙට් යනු චීනයේම එක කොටසක්. එය නිදහස් ස්වාධීන රාජ්යක් නොවෙයි. හරියට යාපනය වගේම මහනුවරත් ශ්රි ලංකාවේ කොටසක් වනවා වගේ. දළයි ලාමා ශ්රි ලංකාවට පැමිණීමෙන් චීනය සහ ශ්රි ලංකාව අතර පවතින මිත්රත්වය පළුදු විය හැකියි. ඒ දැක්ම කෙරෙහි ශ්රි ලංකාවත් රටක් ලෙස එකඟයි. චීනය සහ ශ්රිලංකාව අතර දිගු කාලීන සැබෑ මිත්රත්වයක් පවතිනවා.“
“මීට වසර 70කට රෙ ටිබේටය තිබුනේ ඉතා දිලිඳු මට්ටමක. දැන් එ ටිබේටයේ විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා. බොහෝ දේ සිදුවෙනවා. දළයි ලාමා ටිබෙටයට කළ දෙයක් නෑ. චීන රජය සහ චීන කොමියුනිස්ට් පකත්ෂය තමයි ටිබේට් යේ විශාල දෙයක් කළේ“ යයිද ශු යෙන් පවසා ඇත.







