හිටපු අමාත්‍යවරයෙකු, බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකු සහ හිටපු ආණ්ඩුකාර වරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 74 වන වියෙහි පසුවූ ඒ මහතා හදිසි හෘද ආබාධයකින් අද (13) අලුයම ඔහු මියගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායකයා වූ ඒ මහතා, ඊයේ රාත්‍රි වාද්දුව හෝටලයක පවතී ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා පැවැති සාකච්ඡාව අතරතුර ඔහුව හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කොට ඇත.







