ලලිත් චාමින්ද –
දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටි.එම් යන්ත්‍රවලින් ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනෙකු, මිගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම මස 23 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස බද්දේගම ප්‍රධාන මහේෂ්ත්‍රාත් එම්. පි.ජි ප්‍රනාන්දු නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බල්ගේරියානු ජාතික ජොර්ජ්සිස් අයිවනොර් කැනඩා ජාතික ජොර්ජ් ආතටන්, පොලිස් පරික්ෂක අංජාන ද සිල්වා, දෙහිවල පදිංචි ආදම් ලෙබ්බේ යතිර් සහ පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි අනුර කුමාර ජයරත්න නැමති පුද්ගලයින්ය.
මෙම සැකකරුවන් පස්දෙනා පරිඝණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර අද (10) අළුයම බද්දේගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කරණු ලැබිය.
සැකකාර විදේශිකයින් දෙදෙනා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ සුපිරි නිවාස සංකිරණයකදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරික්ෂකවරයා පිටිගල අමුගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබු අතර අනෙක් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය හා මිගමුව ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබුණි.
හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටි.එම් යන්ත්‍රයෙන් ඉකුත් (30) වැනිදින අළුයම 1.30ට පමණ එහි තිබු සි.සි. ටි. වි කැමරාව වසා වංචනික ලෙස රුපියල් හතලිස් හයලක්ෂ අසුදහසක මුදලක් ලබාගෙන තිබුණි.
ඉන්පසු. පසුව ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි ඒ. ටි.එම් යන්ත්‍රයෙන් ව්‍යාජලෙස රුපියල් දෙලක්ෂ හැත්තැපන්දහසක මුදලක් ලබාගෙන තිබු අතර බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ.ටි.එම් යන්ත්‍රය ඇති කුටිය වෙත එදින අළුයමය 4.00ට පැමිණ රුපියල් ලක්ෂ 57ක මුදලක් වංචනික ලෙස ලබාගෙන තිබුණි.







