දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයද ශ්‍රී ලංකාවේ අඩිපාරේ යමින් සෞදි ආරබියෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලුම් කර ඇත.
ඒ අනුව සෞදි තානාපති නවාෆ් බිල් සෙයිඩ් අල් මල්කි සමඟ පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් විසින් මෙම ඉල්ලීම කර ඇති බව පාකිස්තානයේ ට්‍රිබියුන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.
සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දැනටමත් පකිස්ථාන රාජ්‍ය බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක කාලීන තැන්පතුවක් ලබා දී ඇති අතර ම එහි කාලය දීර්ඝ කර තිබුණි.
මේවන විට පාකිස්ථානයේ වත්මන් දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6.7 ක් පමණ වන අතර ආසන්න කාලීන ණය බැඳීම් රුපියල් බිලියන 8.8 ක් පමණ වන බව පුවත්පත පවසයි.
පකිස්තාන රාජ්‍ය බැංකුව ස්ථාවර ප්‍රතිපත්ති අනුපාතිකයක් සඳහා මුදල් මුද්‍රණය කිරීමෙන් සියයට 5 – 7 ක උද්ධමනන් බලාපොරත්තු විය හැකි බවට වාර්තා වේ.
මෙම තත්ත්වය යටතේ පාකිස්ථානය විසින් සිය විදේශ ණය ප්රව්යුහගත කිරීමේ අරමුණනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතුවද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තබේ. ඒ අනුව පාකිස්ථානයේ තත්ත්වයද ශ්‍රී ලංකාවේ තත්ත්වයට බෙහෙවින් සමානවේ.
කෙසේ වෙතත් ඉකුත් වසරේ පාකිස්ථානයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වයත් සමග එරට ආර්ථිකය දරුණු ආගදයකට වැටුනු අතර එයට මුහුණ දීමටත පාකිස්ථානයට තවමත් නොහැකි වී ඇත.
මේ අතර එරට තුළ ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී කණ්යාම්වල ක්‍රියාවන්ද තත්ත්වය දරුණු කිරීමට හේතුවී තිබේ.







