ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60, 000ක් සමග මෙම මාසයට අදාළ ව පැමිණීමට තිබූ පළමු ගල් අඟුරු නෞකාව පුත්තලමට ළඟා වී තිබෙන බව ලංකා ගල් අඟුරු සමාගම නිවේදනය කරයි.
ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම ගල් අඟුරු නෞකා ගෙන්වා ගනු ඇත්තේ 2023 ජනවාරියේ පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර කීවේය.
ගල් අඟුරු නෞකා 07ක් ජනවාරි 31 වනවිට රට තුළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් මින් පෙර මාසයක් තුළ රටට ගෙන්වූ වැඩිම ගල් අඟුරු නෞකා ප්‍රමාණය 06ක් බවත් ඔහු පැවසුවේය.
ජනවාරි 12 වැනිදා වනවට රට තුළට ගල් අඟුරු නෞකා 03ක ගල් අඟුරු ලැබෙනු ඇති බව ද හෙතෙම විශ්වාසය පල කළේය.







