අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ මගඩි චෝදනාවට කෙහෙළිය පිළිතුරු දෙයි….

by editor
දෙසැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම පූර්ණ කැබිනට් අනුමැතියකින් සහ ඉහළ විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුවන්නක් බව සෞඛ්‍ය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ඒ අනුව ඉන්දීය Kausikh Therapeutics Pvt.Ltd සමාගමේ ඖෂධ නිෂ්පාදනය පිළිබද සොයා බැලීම් සිදු කළේ ද එම ක්‍රියාවලිය හරහා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් කතා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය ද්වේෂ සහගතව කටයුතු කර තිබුණා. එම කරුණු සත්‍යයෙන් තොර ඒවා වන අතර, විශේෂයෙන් කැබිනට් පත්‍රිකාව පිළිබඳ කරුණු නිසි අධ්‍යයනයකින් තොරව මාධ්‍යයට යොදා තිබුණා.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය මගහැර එම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති බව එම මාධ්‍ය ප්‍රකාශ කර තිබුණත් මේ සියල්ල සිදුවූයේ කැබිනට් අනුමැතියකින්.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අපි බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්ව තිබුණා. ඊට පස්සේ අසල්වැසි ඉන්දියාව ‌ඩොලර් බිලියනයනක් අපට ලබාදුන්නා හදිසි අවස්ථාවල ප්‍රයෝජනයට ගන්න කියා. එයින් ඩොලර් මිලියන 200 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නා අප්‍රේල් මාසයේ.

ඊට අමතරව AIIB (ආසියානු ආයෝජන හා යටිතල පහසුකම් සංවර්ධන බැංකුව) ඒකෙන් ඩොලර් මිලියන 100 ක් ලබාදුන්නා. ADB (ආසියානු සංවර්ධන බැංකුව) ඒකෙන් මිලියන 67 ක් ලබාදුන්නා. චීනයෙන් ඩොලර් මිලියන 28 ක ප්‍රදානයක් දුන්නා. මේ සියළු දේ තිබුණ නිසා මම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා යම් අඩුපාඩුවක් තිබෙනවා, නමුත් බිය වෙන්න දෙයක් නැහැ මෙවැනි මුදල් ප්‍රමාණයක් අපට ලැබී තිබෙනවා, ඒ නිසා මේ ප්‍රශ්නය අපට නිරාකරණය කර ගත හැකියි කියලා.

හැබැයි මෙම අවස්ථාවේ මම ඒක දෙයක් පිළිගන්නට අවශ්‍යයයි. මට සහ මගේ නිලධාරී මණ්ඩලයට තේරුණා මෙම වැඩපිළිවෙල ඉතා දීර්ඝ කාලින වැඩපිළිවෙළක් කියලා.

සීනි, පරිප්පු, හාල් නැති වුවොත් වෙළෙද ඇමැතිට පුළුවන් කෙටි කාලයක් තුළ එම හිඟය මඟහරවන්න. ඖෂධ වලට එහෙම කරන්නට බැහැ. ඖෂධ නියාමන අධිකාරියෙ ක්‍රමවේදයට අනකූලව කටයුතු පිළිවෙළකට සිදු කරන්නට අවශ්‍යයයි. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.,

අපට ගැටලුවක් තිබුණා ඉන්දියානු බෙහෙත් පමණක් ඉන්දියානු අපනයන කරුවන්ගෙන් තමයි ගන්න සිදු වෙන්නේ. එමෙන්ම ඉන්දියානු ජාතික බැංකුවෙන්. ඉන්දියාව සමග ගණුදෙනු කරන ඇතැම් සාමාජිකයින් ඔවුන්ට‌ වෙන වෙන තැන්වල තිබුණු බැංකු ගිණුම් වෙනස් කර ගන්න කාලයක් ගියා. සාමාන්‍යයෙන් අපි ඇණවුමක් ලබා දී මාස 04 ක් දල වශයෙන් යනවා නිෂ්පාදනය කර එම ඇණවුම ලබාදෙන්න. මොකද ඖෂධවලට ආරක්ෂිත කාලසිමාවක් තිබෙනවා. නිෂ්පාදනය කර මිල දී ගැනීම් එනතුරු බලා ඉන්නේ නැහැ. ඇණවුම් කර මුදල් ලබාදීමෙන් පසුවයි නිෂ්පාදනය සිදු කරන්නේ.

දෙවැන්න අපේ ඇණවුමක් ඉන්දියා‌වේ ප්‍රධාන බෙදාහරින්නෙකුට දුන් විට අපට එය විශාල ප්‍රමාණයක් වුවත් එය ඔවුන්ට අල්ප මාත්‍රයක් වගෙයි ඔවුන්ට දැනෙන්නේ. ලොකු ඇණවුමක් කියන හැඟිමක් ඔවුන්ට නැහැ. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ගතහොත් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා එම වැඩපිළිවෙලට මාස 06 කට වඩා යනවා.

සමහර සැපයුම්කරුවන්ට‌ බිලියනයකට වඩා ගෙවන්න තිබෙනවා. නමුත් තවමත් ඔවුන් අපි සමග සුහදව කටයුතු කරනවා. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය බෙහෙත් ගෙන්වීමයි.

ජිවිතාරක්ෂක ඖෂධ 14 නැත්නම් රෝගින් මැරෙනවා. එම ජිවිතාරක්ෂක ඖෂධ 14 ම අපි ළඟ තිබෙනවා. චීන රජයෙන් අපට ලබාදුන් මිලියන 28 ම ඉල්ලුවේ එම බෙහෙත් සදහා පමණක් වෙන් කරන්න කියා. අත්‍යවශ්‍ය ඖෂධ අද වෙනකොට 153 ක් අඩුයි. අපි දත්ත හංගලා නැහැ.

බාල බෙහෙත් ගෙන්න අවසරය ගත්තයි කියා ඇතැම් මාධ්‍ය කියා තිබුණා. ඒ පිළිබද වාර්තා සියල්ල තිබෙනවා. වැඩියෙන්ම සහතික තිබෙන ආයතනයක්, සම්මාන ගණනාවක් ලැබුණ ආයතනයක් තමයි අපි පාවිච්චි කර තිබෙන්නේ. රටවල් 36 කට ඔවුන් ඖෂධ අපනයනය කරනු ලබනවා. පසුගියදා අපි ඒක බලන්න ගියා. එහි 65% ක් ඔස්ට්‍රේලියාවටයි යවන්නේ.

ඉන්දියාව ගැන කියන විට චෝදනාවක් නැගුවා ගෙවල් ඇතුලේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදු කරනවා කියා. ප්‍රමිතියෙන් බාලයි කියා. ඉතිං අපිට වුවමනා වුණා මේ ආයතන කිහිපයක් බලන්න. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් ඒක අවසාන වෙන්න දැම්මේ නොවැම්බර් 30. අනතුරුව අපි ඉල්ලීමක් සිදු කළාම දෙසැම්බර් 31 දක්වා කල් දුන්නා. අපි පාවිච්චි කරලා තිබෙන්නේ ඩොලර් මිලියන 180 ක් පමණයි. තව 20 ක් විතර ඉතුරු වෙලා තිබෙනවා.

එයට අමතරව ජනාධිපතිතුමා පසුගිය කාලයේ වෙනත් දේ සඳහා ලබා දී පාවිච්චි නොකළ ඩොලර් මිලයන 35 ක් ලබාදුන්නා. ඩොලර් මිලියන 40 ක් 50 ක් අපි ගාව දැන් තිබෙනවා. හැබැයි දෙසැම්බර් 31 කට පෙර ගේන්න අවශ්‍යයයි කීවා.

නමුත් මම පෞද්ගලිකව ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ නිවසටම ගොස් එහිදී ඉල්ලීමක් කළා තව කාර්තුවකට ඉඩදෙන්න කියා. දිල්ලි ප්‍රධාන කාර්යාලයට දන්වා අවසරය ලබාදුන්නා. දැන් අපට තිබෙනවා මේ මාස 03 ඇතුළත ඩොලර් මිලියන 50 ක 60 ක අවශ්‍ය ඖෂධ ටික කොයි විදිහට හරි ගෙන්වීමට.

යම් පුවත්පතක ප්‍රශ්නයක් අසා තිබුණා ඇයි ටෙන්ඩර් නොකළේ කියා. ටෙන්ඩර් 180 ක් කොල් කරලා තිබෙනවා. ඒයින් තුන් දෙනයි ඖෂධ දෙන්න ඒකඟ වී තිබෙන්නේ. ඉතිං අපි මොකද කරන්නේ.

එයට හේතුවක් තිබෙනවා. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් ඒකේ මුදල් එන්න ප්‍රමාදවීම, බැංකු පොලී ඉහළ අගයක් ගැනීම වැනි හේතු නිසා බිලියන 15 ක් පමණ ගෙවීම් කිරීමට තිබෙන නිසා අපේ සැපයුම්කරුවන් ඉල්ලුවේ නැහැ. එහෙම වුණාම මම ඇමැතිවරයා විදිහට මොකද කරන්නේ?

එක වෙලාවක කිවුවා ටෙන්ඩර් කරපුවාගෙන් 08 ක් ලංකාවේ හදනවා කියලා. මම හැමවෙලේම දේශිය නිෂ්පාදකයින්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙනවා. ලබන වසරේ මගේ ඉළක්කය දැනට 15% ක් 20% ක් මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ගෙන ඒම. එයට වැඩපිළිවෙළ හදනවා. එය පළමු ඉලක්කයයි.

මාස 03 ඇතුළත ඖෂධ ගේන්නේ කොහොමද කියලා බලකොට කිහිපදෙනක් අප හමුවෙන්න ආවා. අමාත්‍යාංශයට ඇවිත් ප්‍රකාශ කළා අපට ලබාදිය හැකියි කියා. අපි එ් ආයතන ගැන හොයලා බැලුවා අමාත්‍යාංශයේ නිලධාරීන් ගොස් සොයා බලා මට කීවා ඉන්දියාවේ 03 වනි ලොකුම කර්මාන්ත ශාලාව රටවල් 36 කට ඖෂධ බෙදාහරිනවා කියා.

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා සෞඛ්‍ය ලේකම් තුමා. ඖෂධ ආවාට ගියාට ගන්න බැහැ මිල කමිටුවක් තිබෙනවා. එහි විගණන නිලධාරියෙක් ඉන්නවා. ගිණුම් නිලධාරියෙක් සහ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. මේ සියල්ල එකතු වෙලා මෙය තීරණය කරන්නේ.

ඖෂධ වර්ග 28 න් 13 කට තමයි අනුමැතිය ලැබුනේ. මම රටවල් 86 කට ගොස් තිබෙනවා. මේ මගේ 17 වනි පාස්පොට් ඒක. මම පුරුදු වෙන්න රට යන කෙනෙක් නොවෙයි. අවුරුදු 08 දි මම දෙමාපියන් සමග එංගලන්තයට ගියේ. රට යනවා කියන එක මට මැඡික් එකක්වත්, විජ්ජාවක් වත් නොවේ.

මට රජයේ මුදල් භාවිත කරන්න තිබුණා, ඒත් මම කළේ නැහැ. මට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වුවමනාවක් තිබෙනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 250 ක විතර ඖෂධ ගේනවා නම් අර කියන විදිහට කුප්පිවලට පුරවනවා ද ගෙවල් අස්සේ බෝතල්වලට පුරවනවා ද කියා සොයා බලන්න. මගේ මුදලින් ඒවාට යන්න මට අයිතියක් තියෙනවා ද නැද්ද කියන එකට ඒ තුළ සාධාරණ උත්තරයක් තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආදර්ශා සහ බුද්ධික පතිරණගේ “නත්තලේ කතා බහ“ ගැන බුද්ධික පතිරණ කතා කරයි…

Next Post

ෂාෆ්ටර් ඝාතන විමර්ශණ ප්‍රගතිය විමසීමට පොලිස්පති සීඅයිඩියටම යයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.