පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කර, සවස් කාලය වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද සවස් කාලයේ සිට කාලගුණය සාමාන්‍ය තත්ත්වයට පත් වන් බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවත් ඔවුහූ පවස්ති.
ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන සුළඟ පැ.කි.මී. 40-50 පමණ විය හැකි බව ද පැවසූහ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු
අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට අවධාරණය කෙරේ.







