ලලිත් චාමින්ද –
වන අලින් පලවා හැරිම සදහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුප් හා දිමනා පිරිවැයක් දරා සිවිල් ආරක්ෂක භටයින් 845 දෙනෙකු යොදවාගෙන තිබුනද ඉකුත් වර්ෂය තුළද (2021) අලිමිනිස් ගැටුම සිඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැවති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අලි පලවා හැරිම සම්බන්දයෙන් සිවිල් ආරක්ෂක භටයින් සඳහා විධිමත් පුහුණුවක් ලබා දි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂය තුළදි අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් 142 දෙනෙකු මියගොස් තිබුණි. ශාරිරික හානි 58ක් සහ දේපල හානි 1326ක් වාර්තා වි තිබුණි. වසර පුරා වන අලින් 375ක් මියගොස් තිබුණ අතර අලි මිනිස් ගැටුම හේතුවේන වන අලින් 200කට ආසන්න පිරිසක් මිය ගොස් තිබිණි.
සිවිල් ආරක්ෂක භටයින් 3.300 දෙනෙකු අලි විදුලි වැටවල් නඩත්තු කිරිමටත්, භටයින් 389 දෙනෙකු වනජිවි කාර්යාල කටයුතු සදහා යොදවා ඇත.
මෙම කටයුතු සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක. භටයින් සංඛ්‍යාව 4534 දෙනෙකි. මෙරට ඉදිකොට ඇති අලි වැට ප්‍රමාණය කිලෝමිටර් 4756ක් වන අතර මින් කිලෝමිටර් 4725ක් හෙවත් සියයට 99ක් සිවිල් ආරක්ෂක දේපාර්තමේස්තුවට නඩත්තු කටයුතු සඳහා භාරදි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ









