පොලිස්පතිවරයාගේ නියෝගත් තමන්ට රිසි පරිදි සූක්ෂම ලෙස වෙනස් කරන බව කියන සහකාර පොලිස් අධිකාරීවරයෙක් සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව තුළ කළකිරවනසුළු කථිකාවක් ඇති වී තිබේ.
මෙම නිලධාරියා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමට ඇමතිවරයා විසින් නම් කළ නිලධාරියා බවත් මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ඇමතිවරයාත් පොලිස්පතිවරයාත් දෙපාර්තමේන්තුව තුළ අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවත් වාර්තා වේ.
සාමාන්‍යයෙන් මෙතෙක් අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණ රාජකාරිය සිදුකරනු ලැබුවේ නියෝජ්‍ය පොලිසප්තිවරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් විසිනි.
එහෙත් අමාත්‍යාංශයේ තේරීම ලෙස මෙම සම්බන්ධීකරණ වගකීම පවරා ඇති සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඇමතිවරයා සහ පොලිස්පතිවරයා නොදැන ප්‍රශ්නගත හැසිරීමක යෙදෙන බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා එවන ලේඛණ වෙනස් කිරීමත්, නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධ සිද්ධිවලදී මුදල් ගනුදෙනු සම්බන්ධ කතා ඇසෙමින් තිබීමත්, වගකිවය යුතු බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.







