කීර්ති ප්‍රනාන්දු
මෙදා නත්තල් සැමරීමේදී සැණකෙලි නවතා එම මුදලින් පීඩාවට පත්ව සිටින දරු දැරියන් හට උදවු කරන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඇතුළු මෙරට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

නත්තල් සැරසිලි ප්‍රියසාද සංගීත සංදර්ශන නත්තල් කලාප නවතා ඒ සඳහා වියදම් කරන මුදල් දරු දැරියන් හට පොත් පත් ,නිල ඇඳුම් ,බෑග් ,සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය දේවල් ලබා දී සැබෑ නත්තල භුක්ති විඳින ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති .
මේ වන විට දරු දැරියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් සැණකෙලි සහ ද නවතා ඒ සඳහා වියදම් කරන මුදල් මගින් දරු දැරියන් හට උදවු කිරීම තුළින් මෙවර නත්තල අර්ථවත් කිරීමට එක් වී දරු දැරියන් සමඟ සැබෑ නත්තල බෙදා ගන්නා ලෙසද උන්වහන්සේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියහ .







