යුක්රේනයේ යුද්ධය වැනි ගැටුම් හේතුවෙන් බෙදී වෙන් වෙන ලෝකයේ පාලම ලෙස ඉන්දියාවට කටයුතු කළ හැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අබුඩාබි හි පැවති ඉන්දියා ගෝලීය සංසද සමුළුවේදී ය. විශේෂයෙන්ම රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදී වෙන්ව ඇති බව සඳහන් කළ ඔහු ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට කළ හැකි කාර්යභාර්ය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කළේය.
“යුක්රේනය ද සංවර්ධනය කෙරෙහි බලපෑමක් ඇති කරයි.. ඉන්දියාව වැනි රටකට එම පාලම් භූමිකාව තනිව නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අනෙකුත් රටවල් සමඟ ඉටු කළ හැකි බව මම විශ්වාස කරමි. පාලමක් ඇති කිරීමේ අවශ්‍යතාවය අද පවතී..” ඔහු පැවසීය.
සමුළු සැසිය අතරතුර ජයිශංකර් සමඟ සංවාදයේ යෙදී සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක ආචාර්ය අන්වර් මොහොමඩ් ගර්ගාෂ්ගෙන්, යුක්රේනයේ ගැටුම ඉක්මනින් අවසන් කරන ලෙස, ඉල්ලා සිටියේය.
“එය දේශපාලනිකව මිස අවසන් වන්නේ නැත. මෙම ගැටුම අවසන් කරන දේශපාලන ක්‍රියාවලියක් සහතික කිරීම අපගේ අවශ්‍යතාවයයි..” අමාත්‍යවරයා පැවසීය.







