හංවැල්ල මුස්ලිම් පල්ලිය අසළ ආපන ශාලා හිමිකරුවකු වූ 48 හැවිරිදි මොහොමඩ් ෆරුෂාන් (48) අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීම ඩුබායි හි දැනට ජීවත් වන පාතාල අපරාධකරුවකු විසින් මෙහෙයවන ලද්දක් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පොලිස් ආරංචි මාර්ග අනුව මෙම ව්‍යපාරිකයා ඝාතනය පසුපස ඩුබායි හි ජීවත්වන ලලිත් නැමැති අපරාධකරුවා සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙලෙස මිය ගියේ මොහොමඩ් ෆරුෂාන් ව්‍යාපාරිකයෙකි. මෑතකදී ඔහුගේ නිවසේ සොරකමක් වී ඇති අතර අදාළ සොරකමට සම්බන්ධ පුද්ගලයන් ට පහර දී ඔවුන් පොලිසියට කොටු කර දීමට මෙම ව්‍යාපාරිකයා සමත්ව ඇති බව සඳහන් වේ.
එම සොරකමට සම්බන්ධ වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ සොරකම් ඇතුළු අපරාධවලට සම්බන්ධ වන ඩුබායිහි සිටින ලලිත් නැමැත්තාගේ ගෝලයන් වන අතර මෙලෙස ඔවුන් ට පහර දීමේ පළිගනීමක් ලෙස මෙම ඝාතනය සිදු කරනන්ට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (18) රාත්‍රි සිදුවූ මෙම ඝාතනය ට සුළු මොහොතට පසුව ලලිත් නැමැත්තා මිය ගිය ව්‍යාපාරිකයාගේ සහෝදරයකුට ඇමතුමක් ලබා දී අයියාට වෙලා තියෙන්නේ මොකක්දැයි බලන ලෙස පවසා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.









