ඉන්දියාවේ පැවැත්වෙන ජී 7 සමුළුවේදී සභාපතිත්වය වෙනුවෙන් ඉන්දියාවට සහයෝගය පළ කිරීමට ජී 7 සමුළුවේ සියලු රටවල් එකඟත්වය පළ කළ බව ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.
සඳුදා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක ජී-7 රටවල නායකයින් කියා සිටියේ තමන් සැමට තිරසාර අනාගතයක් යන ඉන්දියානු ප්‍රතිපත්තිය අනුමත කරන බවයි.
සංවර්ධිත රටවල් සමූහයක් වන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ජපානය සෑම වසරකම ගෝලීය අභියෝග සාකච්ඡා කිරීමට එකතු වන අතර එය ජී 7 සමුළුව ලෙස හැඳින්වේ.
“ජර්මානු ජනාධිපති ධුරය යටතේ අපි, ජී7, අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව, අපගේ කාලයේ ප්‍රධාන පද්ධතිමය අභියෝග සහ ක්ෂණික අර්බුද යන දෙකටම ඒකාබද්ධව ආමන්ත්‍රණය කිරීමට අපගේ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කර ඇත. අපගේ කැපවීම් සහ ක්‍රියාවන් සාධාරණ ලෝකයක් කරා ප්‍රගතිය සඳහා මග පාදයි…” ජී-7 රටවල නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
අපි 2023 හිරෝෂිමා හිදී ජපාන සභාපතිධූරය යටතේ ජී7 සමුළුව දෙස බලා සිටින අතර, ඉන්දියානු ජී20 සභාපති ධූරයට අපගේ සහයෝගය ලබා දෙමින්ල අපි ශක්තිමත්ල එක්සත් සහ සැමට සාමකාමීල සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් නැවත ගොඩනැගීමට පරම කැපවී සිටිමු…” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.







