2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට ඊයේ වත්මන් ලෝක ශූර ප්රංශය යළිත් වරක් සුදුසුකම් ලැබුවේය. ඒ ගෝල 2-0 ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි.
තරගය ආරම්භයේ සිට මොරොක්කෝව දැඩි ආක්රමණශීලී ක්රිඩා විලාශයක් ප්රකට කළ ද ප්රංශයේ ප්රබල පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට හැකි වූයේ නැත.
තරගයේ පස් වැනි විනාඩියේ දී ප්රංශය මොරොක්කෝවට එරෙහි ප්රථම ගොලය වාර්තා කළේය.
ප්රංශ වෙනුවෙන් තියෝ හර්නාන්ඩස් 5 පළමු ගෝලය ගෝලයක් වාර්තා කළේය. නමුත් 79 වැනි මිනිත්තුවේදී එන්ඩල් කොලෝ මුවානි විසින් දෙවැනි ගෝලය ලබා ගන්නා තෙක් ප්රංශය ජයග්රහණය තහවුරු වූ බව ප්රේක්ෂකයින්ට පෙනුනේ නැත.
ලබන ඉරිදා පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ දී ප්රංශය සහ ආජන්ටිනාව එකිනෙකා මුණ ගැසෙනු ඇත.







