අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුර අල්ලන ගමන් ලෝකය අල්ලන්නට ගහන චීන මුහුදු කූඩලු ගේම!

by editor
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“මේ මුහුදු කූඩැල්ලන් වගාව සම්බන්ධයෙන් අපි බොහෝ තැන් වල කතා කොට තිබෙනවා. බොහෝ අය හමු වී තිබෙනවා. ලියුම් භාර දී තිබෙනවා. මේ වගාවෙන් අදායම් උපයාගන්නා පිරිසක් සිටිනවා. දුප්පතුන් තවත් ඇද වැටී තිබෙනවා. කුඩා කර්මාන්ත බලපෑමට ලක්වී තිබෙනවා. ඔවුන් ඉල්ලන්නේ මෙම මුහුදු කූඩැල්ලන් වගාව නතර කරන ලෙසටයි. අපි කියන්නේ මේ මුහුදු කූඩැල්ලන් වගාව සීමා කොට තබාගන්න කියලයි. මේ මුහුදු පරිසරය විනාශ කරන්නට එපා. මෙයින් ලාභය ලබන්නේ ලොකු ලොකු මුදලාලිලා පමණයි. අරියාලයි, පාසෙයි ඌර්,කොලුම්බුතුරෙයි හා මනියන්තෝට්ටම් දෙස බලන අපට පෙනෙන, තේරෙන දෙයක් තමයි එම ප්‍රදේශ වල ධීවරයෝ නොවන අයත් මුහුදු  කූඩැල්ලන් වගාව කරනවා.”

මෙලෙස තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ පසෙයි ඌර් ධීවර සංගමයේ නියෝජිතයෙකි. ඔහු සිය නම් අනාවරණය කිරීමට කැමැත්තක් නොදක්වන්නේ, ඒ නිසා මුහුදු කූඩැල්ලන් වගාවට සම්බන්ධ බලවත් ව්‍යාපාරිකයන්ගෙන් කරදර වේයැයි බියෙනි.

 

එහෙත් ඔහු මෙන් නොව, යාපනය දිසා ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නරාසා මෙම වසංගතයට එරෙහිව හඬ නැගීමට බියක් දක්වන්නේ නැත.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

““සමහරු හිතන්නේ මතුපිට මුහුද හිස් නම්, ඒකෙ මුහුදු කුඩල්ලෝ හදන්න බැරි මොකද කියලා. යාපනය අර්ධද්වීපය කුඩා ප්‍රදේශයක් වුණත් මුහුද අපේ මුතුන් මිත්තන්ගේ සිට ඉස්සන් හොඳින් බෝවෙන ස්වභාවික ස්ථානයක්. මේ මුහුදු කුඩල්ලෝ වගා නිසා ඒ සම්පත් අපිට අහිමි වීම වැඩි ඈතක නැහැ.” යයි ඔහු පවසන්නේ ඉතාම වේදවෙනි.

මේ ප්‍රකාශයන්වල කිසිදු අසත්‍යතාවක් නැත. අද වන විට පසෙයි ඌර් ඇතුළු උතුරු පළාතේ මුහුදු තීරය පුරාම මේ මුහුදු කූඩැල්ලන් වගාව වසංගතයක් ලෙස ව්‍යාප්ත කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාවට මුහුදු කූඩැල්ලන් වගාව හඳුන්වා දුන්නේ චීනය විසිනි. එය පසුගිය දශක කිහිපය තුළ කෙමෙන් ව්‍යාප්ත වී, 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකාව මුහුදු කූඩැල්ලන් ටොන් 336ක් පමණ චීනයට අපනයනය කරන තරමට මෙය ව්‍යාපාරයක් ලෙස වර්ධනය වී තිබේ. එහෙත් ගැටලුව වන්නේ විදේශ විනිමය උපයන මුවාවෙන් චීන ආයෝජකයන් විසින් සමස්ත උතුරු පළාතේ ධීවර කර්මාන්තයට කණකොකා හඬවන තැනට පත්කරමින් තිබීමයි.

අප දන්නා ආකාරයට ශ්‍රී ලංකාවේ උතුරු පළාත විශේෂයෙන් සාම්ප්‍රදායිකව සහ ඓතිහාසිකව ඉන්දියාව සමග පවත්වන්නේ අත්‍යන්ත සම්බන්ධතාවකි. එම ජන ජීවිතයේ රිද්මය වඩාත් සුමට කරන්නේ ඉන්දියානු ආභාසය ය.

මැදහත්ව කරන විමර්ශනයකදී පෙනෙන්නේ චීනයේ මෙම මැදිහත්වීම උක්ත සංස්කෘතික පදනම දෙදරවා හැරීමේ අවදානමකි.  සිය භූ දේශපාලනික න්‍යාය පත්‍රය ඉන්දියාව විෂයෙහි ක්‍රියාත්මක කිරීමට උතුරු මුහුදු තීරය ආයෝජනය කරන බවකි.  මේ දිස්වෙමින් ඇත්තේ   ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරන ආකාරයට බලවත් ජාතීන් දෙකක් අතර ගැටුමක් මැද තැලී පොඩිවන්නට සිදුවන බිහිසුණු අනාගතයක ලකුණුය.

එහෙත් කණගාටුවට කරුණක් වන්නේ  මේ තරම් විස්තීර්ණ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ගැටුමක් නිර්මාණය වෙමින් තිබිය දී  ධිවර අමාත්යංශය විසින්ම චීනයේ මෙම සුක්ෂම සැලසුමට නිල වශයෙන් අනුග්‍රහය දැක්වීමය.

“චීනය තමයි මෙම මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය කිරීමට පළමුවෙන් පැමිණියේ. එය විවිධ ඇමතිවරු යටතේ ක්‍රියාත්මක වුණා. මෙය සිදුවන්නේ ධීවර අමාත්‍යාංශය යටතේ. ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය තමයි මෙයට මූලික හේතුව. දෙවනියට වගකිව යුත්තේ අමාත්‍යවරයා. ඔහු තමයි පවසන්නේ “එහි කරන්න.. මෙහි කරන්න  කියා.“

“ඔවුන් අපේ ගම්වල ධීවර සමිති වලට පැමිණ කියනවා ඔවුන් මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් කිරීමට සුදානම් වනවා කියා. චීනය පැමිණ මෙම මුහුදු ප්‍රදේශයන් අල්ලාගන්නා බව කියා බිය කොට මෙම වගා කොටු ඔවුන් මෙහි ආරම්භ කළා. මෙම වගා කොටු වලට නිශ්චිත සීමාවක් නෑ. අක්කර දෙකක, අක්කර තුනක , අක්කර පහක ප්‍රදේශ වල ඔවුන් මේ වගාව කළා.“

“සාමාන්‍යයෙන් වගා කොටුවක ප්‍රමාණය වන්නේ 65 X 65ක්. නමුත් අද මෙහි බලන විට කිලෝමීටර තුනකට ආසන්න ප්‍රමාණයක විශාල ප්‍රදේශයක් මොවුන් මුහුදු කූඩැල්ලන් වගාව කරනවා.”

අධිකාරිය එසේ පවසමින් ධීවරයන් බියගන්වා, අවසානයේ සැබෑ ලෙසම සිදුකර ඇත්තේ  මෙම වගා ව්‍යාපෘති සියල්ලම චීන ආයෝජකයන්ට පවරා දීමය. චීන හවුල් ව්‍යාපාර සමාගමක් වන Gui Lan (Pvt) Ltd විසින් යාපනයේ වෙරළබඩ ගම්මානයක් වන අරියාලෙයි හි 2016 තරම් ඈත කාලයක සිටම කෘත්‍රිම අභිජනන නිෂ්පාදන මධ්‍යස්ථානයක් (හැචරිය) ස්ථාපිත කර ඇත.

ඒ අත්දැකීම අනුව යමින් මේ වන විට තවත් චීන ආයෝජකයන් කිහිප දෙනකුම අධිකාරිය හරහා උතුරට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ දේශගුණය මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා බෙහෙවින් යෝග්‍ය වන නමුත් මහා පරිමාණ නිෂ්පාදනයක් සිදු කළහොත් දේශීය සාගර පරිසර විද්‍යාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇතිවීම වැළක්විය නොහැකිය.

එහෙත් චීනයේ මෙම බලපෑමට විරුද්ධ වීමට ප්‍රායෝගිකව රජයට පවතින බවක් පෙනෙන්නට නැත. ඊට හේතුවී ඇත්තේ රට තුළ උද්ගතව ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ චීනයේ භූමිකාව අතිශය තීරණාත්මක වීමයි.

විශේෂයෙන්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම්, ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන්ම ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමට චීනය එකඟකරවා ගත යුතුය. සමස්ත රටටම බලපාන ආකාරයෙන් මෙන්ම, මෙතෙක් සීමාසහිත ලෙස අතපෙවූ උතුරු පළාතටද දැන් චීනය මැදිහත්වීම වෙනුවෙන් රජයේ අනුග්‍රහය ලබාගනිමින් සිටින්නේ, ශ්‍රී ලංකාවේ එම දුර්වලතාව සහ පාලකයන්ගේ සෘජු නොවන තීරණ උපයෝගී කරගනිමිනි.

2022 ජුනි මාසයේදී, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අක්කර 5000ක් පුරා විහිදුණු මහා පරිමාණ වාණිජ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ බලධාරියා ලෙස කටයුතු කරමින් මෙම සූරාකෑම සිදු කිරීමට පහසුකම් සපයයි. විශේෂත්වය වන්නේ මිට පෙර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාගැනීමට උත්සාහ කර අසාර්ථකවූ නයිනතිව් දුපතට ඉතා ආසන්න ප්‍රදේශයක් වන පුංගුඩුතිව් මෙම මහාපරිමාණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාගැනීමට චීනය සමත්වී තිබීමයි.

ලෝකයේ හොඳම, ඉහළ දක්‍ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අභිලාෂයන් චීනය පසුවන බව රහසක් නොවේ. මුහුදු කූඩැල්ලන් යනු ක්‍රීඩකයන්ගේ පිහිනුම් කාලය වැඩි දියුණු කිරීම, පෙර පාද ග්‍රහණය වැඩි කිරීම, පරිවෘත්තීය ක්‍රියාවලිය කෘත්‍රිමව වෙනස් කිරීම, මාංශ පේශි තුවාල සුව කිරීම, මාංශ පේශි ග්ලයිකෝජන් සහ බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රසිද්ධ ආහාරයකි.

එසේම බෙලහීනත්වය, මලබද්ධය, නිතර මුත්‍රා කිරීම, හන්දිපත් වේදනාව සහ දීර්ඝායුෂ වැඩි කරන බව පවසන සාම්ප්‍රදායික චීන ඖෂධ (TCM) වෙනුවෙන් මුහුදු කූඩැල්ලන් බහුලව භාවිත වන බව වෙනත් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ලොව වෙනත් භුමි සුරාකමින් ලබාගන්නා සාරය සිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් භාවිත කිරීමේ චීනයේ උපක්‍රමය අදවන විට ලොව පුරා සදාචාරය පිලිබඳ විශාල කතාබහක්ද නිර්මාණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙසී සමුගැනීම නිවේදනය කරයි!

Next Post

දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම්වලට නිදහස් දිනයට පෙර විසඳුම් දෙන බව ජනපති කිව්වා… – ටී.එන්.ඒ කියයි…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.