අද උදෑසන 9.30ට පමණ මට්ටක්කුලිය ශ්රී වික්රමසිංහ පුර කැළණි ගඟට යාබදව නිවාස තුනක ඇතිවූ ගින්න මේ වනවිට පාලනය කර තිබේ.
නිවාස අංක ටී 53/8, ටී 53/9, ටී 53/10 නිවාස ඒකක මෙම ගින්නෙන් විනාශ වී ඇත. .
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන තිබිණි.
ගින්න ඇති වීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැත.
අනතුර හේතුවෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ. මට්ටක්කුලිය පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







