ශ්‍රියානි විජේසිංහ –
භාණ්ඩව මිල ඉතා ඉහළ බැවින් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන ආහාර ද්‍රව්‍ය අඩු මිලට වෙළඳපලට නිකුත් කිරීමට ඇතැම් වෙළෙඳුන් කටයුතු කර ඇති බැවින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් පැකට් කරන ලද කුළු බඩු වර්ග විවිධ දෑ මිශ්රකරමින් ද, කල් ඉකුත් වූ හා පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ද වෙළඳපලට නිකුත් කිරීමට මේ වන විටත් ඇතැම් වෙළඳුන් කටයුතු කර ඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
මහජනතාව මුලා කරමින් භාණ්ඩ අලෙවි කරන කූඨ වෙළෙදුන් වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 3200ක පිරිසක් මේ වන විට දිවයිනපුරා යොදව ඇතැයිද සෞඛ්‍යයට නුසුදුසු ආහාරපාන පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතියම ක්‍රියාමාර්ගයන් ගන්නා බවද ඔහු පැවසීය









