එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති සාකච්ඡා පල දරා තිබේ.
ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලට එක්ව තරග කිරීමට එම පක්ෂ දෙක තීරණය කර ඇත.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද(12) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ රටේ තරුණ පරපුර ගැන සිතා මෙසේ ඒකාබද්ධ වීමට තීරණය කළ බවය.
විනාශ වී ගිය ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට හා තරුණ තරුණියන්ගේ ආනාගතය සුරක්ෂිත කරදීමට පොදු ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීම පක්ෂ දෙකෙහි අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරග කිරීමට පසුගිය කාලය පුරාම පක්ෂ දෙක අතර වට ගණනාවක් පැවැත්විනි.
ඉදිරි මැතිවරණවලට ඒකාබද්ධව තරග කිරීමේ දී අනෙකුත් පක්ෂ ද එකතු කරගනිමින් පුලුල් සංධානයක් ගොඩනගා ගැනීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
.







