දිනසේන රතුගමගේ
ආසියානු රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රැදී සිටින තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිරිසක් 10 දා යාපනයේ සංචාරයක නිරත වූහ.
යුද්ධයේදී වැන්දඹුවන් බවට පත්ව සිටින කාන්තාවන්ගේ ජීවන හා ආර්ථික තත්ත්වය නංවා ලීමට යුද සමයෙන් පසුව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් එම පිරිස විසින් මෙම සංචාරයේදී අධ්‍යයනය කොට බැලීය.
මෙම සංචාරයේදී එම පිරිස යාපනයේ කාන්තාවන් විසින් පවත්වා ගෙන යන පේෂකර්ම මධ්‍යස්ථාන තල් හා තල් ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන හා ආහාර සුරක්ෂිත කෙරෙන ව්‍යාපෘති රැසක් නැරඹූහ.
යුද සමයෙන් පසුව යාපනයේ වැන්දඹු කාන්තාවන් සදහා දියත් කොට ඇති විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස සිය ප්‍රසාදය පළකොට තිබේ.