කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැවැන් හූ වරුසාවකට සරසවිය තුළ දී මුහුණ දීමට සිදුවිය.
ජනාධිපතිවරයා එම අවස්ථාවට සහභාගී වී පිටවි යද්දී පපරේ බෑන්ඩ් ගසමින් බජව් දැමූ තරුණ සරසවි සිසුහු එක දිගටම හූ කීහ. .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙසය.
කොළඹ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය, ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු ආකාරය සම්බන්ධව ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පිටව යද්දී එල්ල වූ හූ වරුසාව මැද වගේ වගක් නැතිව ජනාධිපතිවරයා ඇවිද යන අයුරු පෙනුණි..







