දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම සඳහා රජය විසින් පිහිටුවන ලද කාර්යාලයේ නිලධාරීන් කිළිනොච්චියේ වැසියන්ගෙන් තොරතුරු විමසීමේ කටයුතු ඊයේ ( 4 ) සිට ආරම්භ කොට තිබේ.
සිය ඥාතීන් අතුරුදහන් වූ බව ප්‍රකාශ කරමින් ඔවුන් පිළිබදව තොරතුරු එම කාර්යාලයට ඉදිරිපත් කිරීම සදහා විශාල පිරිසක් පැමිණ සිටීම නිසා ඔවුන්ට අංක සහ කාර්යාලයට යළි පැමිණීමට දිනයක් ලබා දී ඇති අතර ආරම්භක දිනයේදී පුද්ගලයින් 60 දෙනෙකුගේ තොරතුරු සටහන් කරගෙන තිබේ.
පසුගිය රජය මගින් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ අතර එම කොමිසම මගින් යුද සමයේදී අතුරුදහන් වූ 16000 ක් දෙනා සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබුණි.







