කීර්ති ප්‍රනාන්දු –
වසර 5 කට අධික කාලයක පටන් තමන්හට සමෘද්ධි ආධාරය ඇතුළු අනෙකුත් සහනාධාර හිමි බවට නොදැන සිටි පුද්ගලයෙකුගේ රුපියල් 5000 සේ සහනාධාර දීමනාව අවස්ථා කිහිපයකදීම ව්‍යාජ අත්සන් යොදා කිසියම් පුද්ගලයෙකු විසින් ලබාගෙන ඇති බවට එම සමෘද්ධී ලාභියා විසින් ජනාධිපතිවරයා ඇතුළු අදාළ අංශ වෙත පැමිණිලි කර තිබේ.
දෙවලපොල ගනිහිමුල්ල අංක 24/03 යන ලිපිනයෙහි පදිංචි ශ්‍රී වික්‍රම ආරච්චිගේ ප්‍රසන්න සම්පත් (23) නමැති සමෘද්ධි ලාභියා විසින් මෙම පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධව විමර්ශනයක් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇතත් තවමත් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන් හට සාධාරණයක් ඉටු කර නොමැති බව ඔහු පවසයි.
ඉකුත් කොරෝනා වසංගත සමයේදී ලබා දුන් රුපියල් පන්දහසේ සහනාධාර මුදල අවස්ථා තුනක දී ව්‍යාජ අත්සන් යොදා මෙසේ ලබාගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.
වසර 5 කට අධික කාලයක පටන් තමන්ට සමෘද්ධි හෝ වෙනස් සහනාධාරයක් හිමි බවට සමෘද්ධි බැංකුව මගින් හෝ සමෘද්ධි නිලධාරීන් විසින් දැනුම් දී නැති බවද ඔහු කියා සිටී







