බලශක්ති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් ණය බරින් මිරීකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14කට බෙදා වෙන් කිරීමටත්, අනතුරුව ඉතිරිවන ඕනෑම කාර්යයක් සහ ක්‍රියාකාරකම් භාරදීම සඳහා 15 වැනි ආයතනයක් ස්ථාපිත කිරීමටත් නිර්දේශ කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නව දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පවසා ඇත්තේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම් ‘විශේෂිත ඉල්ලීමක් නොමැති යෝජනා පිළිගැනීම වැනි ක්‍රියාවලින් ඉවත් වී විනිවිද පෙනෙන, සාධාරණ හා තරඟකාරී ප්‍රසම්පාදන රාමුවක්’ කරා යා යුතු බවයි.
මෙම සතියේදී කැබිනට් මණ්ඩලය විසින් කමිටුවේ යෝජනාව අනුමත කරන ලද අතර විනිවිද පෙනෙන හා තරඟකාරී ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් ශක්තිමක් කීර්තියක් හා පළපුරුද්දක් ඇති සංවර්ධකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ද එය කර්මාන්තයේ දිගුකාලීන මූල්‍ය තිරසාරභාවය සඳහා ප්‍රධාන සළකා බැලීමක් වනුඇතැයි ද කමිටුව විශ්වාස කරයි.
මේ වසරේ අගෝස්තු මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු නොගෙවූ භාණ්ඩ හා සේවා බිල්පත්, හිඟ ණය හා ඉන්ධන සහ බලශක්ති මිලදී ගැනීම් සඳහා නොගෙවූ මුදල් ඇතුලුව විදේශ මුදල් හා රුපියල්වල වටිනාකම රුපියල් බිලියන 333.5ක් වේ.
මේ හේතුවෙන් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට අවශ්‍ය වූ අතර ඊට විසඳුම ලෙසින් විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම හා විකිණීම යන ව්‍යාපාර සඳහා ස්වාධීන පද්ධති ක්‍රියාකරුවෙකු, සම්ප්‍රේෂණ සමාගමක් හා වෙනම සමාගම් හතරක් ස්ථාපිත කෙරේ. එහෙත් ආයතනික තත්ත්වයේ වෙනසක් නොමැතිව ඉදිරියට ගෙන යාමට යෝජිතය.
ලක්ෂපාන ජලවිදුලි සංකීර්ණය, මහවැලි ජලවිදුලි සංකීර්ණය, සමනලවැව ඇතුළු ජලවිදුලි බලාගාර, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ලංවිමට අයත් කැලණිතිස්ස, සපුගස්කන්ද වැනි තෙල් තාප බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය පවරා ගැනීම සඳහා ස්වාධීන සමාගම් හයක් බිහිවනු ඇත.
මීට අමතරව මෙම නව සමාගම් වෙත මාරුවීමට තෝරා ගන්නා සේවකයින්ගේ ලංවිම අර්ථසාධක අරමුදල සහ ලංවිම විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණය කිරීමට එක් සමාගමකුත් ඉතිරි කාර්යයන් හා ක්‍රියාකාරම් කිරීමට තවත් සමාගමකුත් යෝජනා කර තිබේ.







