සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන තීන්දුව හෙට ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසුවේ විශේෂ විධායක රැස්වීමක් හෙට පෙරවරුවේ කොළඹදී පැවැත්වෙන බව ය.
සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සහ ඇමැතුම් දීමනා ඉහළ නංවීමට කැබිනට් මණ්ඩලය අද එකඟතාවය දැක්වුවහොත් වර්ජනය නතර කිරීම පිළිබඳ සිතාබලන බවද එම සම්මේලනය කියා සිටී.







