බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපුරුදු රිද්මය බිඳී වී ගාල්ල තණ තීරුව වෙනස් වුනා ද?

by editor
සැප්තැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල වෙනස් වී තිබේ. තණතීරුව පෙර සැලසුම් විකල් කර ඇත. තුන්වන දිනය නිමා වනවිට අප ඉන්නේ වික්ෂිප්තව ය. ක්‍රීඩකයින්ට ඡන්දය දමා එන්නට හෙට තරගයට නිවාඩු දී ඇත. මේ නිවාඩුවෙන් පසුව එළඹෙන සිවුවන දිනය මේ තරගය සම්බන්ධ තීරණය ගෙනෙනු ඇත.

ගාල්ලේ දී කවදාවත් බලාපොරොත්තු නැති ආකරයට තුන්ව දිනයේදීත් දඟ පන්දු යවන්නට බලාපොරොත්තු වූ ආශ්චර්ය කරන්නට අපහසු වී තිබේ.

අද නවසීලන්තයේ නව වැනි කඩුල්ල බිඳී යන්නේ ලකුණු 304ක්ව තිබිය දීය. අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 බලාපොරොත්තු රහිත සම්බන්ධතාවයක් ග්ලෙන් පිලිප් සහ විලියම් ඕ රුක් අතර ඇති වන්නේ ප්‍රභාත් ජයසූරිය දැඩි ප්‍රහාරයකට ලක් කරමිනි. තුන්වන දිනයේ දී ගාල්ලේ තණ තිරුවක් මේ තරම් වෙනස් ලෙස දඟ පන්දු යවන්නන් ඉදිරියේ ගල් වී නැත.

විලියම් ඕ රූක්…

අද උදේ ග්ලෙන් පිලිප් හයේ පහර වැස්සක් වැස්සුවේය. ඔහුගේ ඉනිමට හයේ පහර පහකි. හතරේ පහර දෙකකි. පන්දු 48ක දී නොදැවී ලකුණු 49කි. අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ ලකුණු 36ක සම්බන්ධතාවයෙන් ලකුණු 34ක් ආවේ ග්ලෙන් පිලිප් ගේ පිත්තෙනි. නවසීලන්ත කණ්ඩායමේ සියල්ලන්ම ලකුණු 340කට දැවී ගියහ.
පන්දු ඕවර 40ක දීර්ඝ පන්දුකරණයකින් අනතුරුව ප්‍රභාත් ජයසූරිය ලකුණු 136කට කඩුළු 04ක් ලැබුවේය. රමේෂ් මෙන්ඩිස් ලකුණු 101කට කඩුළු 03 කි. පන්දු ඕවර 23.5ක් යැව්වේය. ධනංජය ද සිල්වා පන්දු ඕවර 7ක් යවා ලකුණු 31ට කඩුළු 02කි.

දෙවැනි ඉනිම ආරම්භ කරන ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් නවසීලන්ත යොවුන් වේග පන්දු යවන්නා හමුවේ අසරණ වුයේය. ලකුණු 2ක් ලබා තිබියදී පැතුම් නිශ්ශංක දැවී ගියේය. මුල් කඩුල්ල බිඳී යන්නේ මුළු ලකුනු ගණන 6 දීය. එහෙත් එැන් සිට දිමුත් කරුණාරත්න සහ අංක 3 සඳහා සිය ස්ථානයෙන් පහළට බැස වගකීම භාරගත් දිනේෂ් චන්දිමාල් විශිෂ් සමබන්ධතාවයක් ගොඩනැගූහ. එම සබඳතාවය ලකුණු 147කි. දිමුත් ලකුණු 83කි. චන්දිමාල් ලකුණු 61කි. විශේෂත්වය වන්නේ චන්දිමාල් පෙන්වූ විශිෂ්ට සංයමය. ඔහු ඒ ලකුණු 61 වෙනුවෙන් පන්දු 150ක ඉසලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළේය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය. දිමුත් ලකුණු 83 ලබා ගැනීමට පන්දු 127කට මුහුණ දුන්නේය. කිව හැකි වන්නේ මේ ඉනිම තවදුරටත් ඉදිරියට යාමට ඉඩ දුන්නේ නම් නිසැකවම නවසීලන්තයෙන් මේ තරගය ගිලිහී යෑමට ඉඩ තිබුණේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එහෙත් ඒ සබඳතාවය බිඳ ගත් වහාම නවසිලන්තය යළි තරගය තමන්ගේ අතට ගත්තේය.

මේ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රභාමත් බලාපොරොත්තුව වී ඇත්තේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු ලෝක වාර්තාවක් සම කර ඇත්තේය. අද තරගයේ අර්ධ ශතකයක් ලබා ගත්තා නම් ඔහු අද නව ලෝකවාර්තාවක් බිහිකළ විශිෂ්ඨයෙක් වන්නේය. එහෙත් අද කමිඳුගේ දවස වූයේ නැත. ඔහු ලකුණු 12කට දැවී යන්නේ විලියම් ඕ’ රූක් නියත ඉලක්කයේම පතිත කරමින් සිදුකළ ඉපිලී දෝලනය කරමින් යැවූ පන්දු පෙළකින් එකකට ගොදුරු වීමෙනි.

තුන්වන දිනයේ අවසන් කාර්තුවේ දී තණතීරුවේ හැසිරීම අධ්‍යයනය කරමින් විශිෂ්ට පිතිකරණයක ඈන්ජලෝ මැතිව්ස් සහ නායක ධනංජය ද සිල්වා යෙදුනේය. මැතිව්ස් ලකුණු 34ක් නොදැවී ලැබුවේය. පන්දු 72කට මුහුණ දුන්නේය. හතරේ පහර 4ක් එල්ල කළේය. ඒ පිතිකරණය තුළ තියුණු දෝලනයන්ට අනපේක්ෂිත ඉපිලීම්වලට මුහුණ දුන් විශාල සටනක් වූයේය. තණ තීරුව මත නොදැවී රැඳෙමින් සිව්වන දිනය දක්වා කළ මේ දුෂ්කර ගමනට ඔවුන් දෙදෙනාගේ වාසනාව ද යම්තාක් ඉවහල් වූ බව විශ්වාස කරමි.

ධනංජය ද සිල්වාත් එසේමය. පන්දු 64ට මුහුණ දී හතරේ පහර 4ක් සමග ලකුණු 34ක් නොදැවී ලැබුවේය. මේ ඉවසිලිවන්ත ක්‍රීඩකයින් දෙපළ අතර ගොඩනැගුන සම්බන්ධතාවය නොබිඳුන ලකුණු 59කි. ඔවුන් සිවුවන දිනය දක්වා බලාපොරොත්තු සහිතව අපව රැගෙන යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුළු 4කට 237 දක්වා නන්වමිනි. දැන් අප නවසීලන්ත කණඩායමට වඩා ලකුණු 202ක් ඉදිරියෙනි.

විශේෂත්වය වන්නේ රංගන හේරත් ගේ පුහුණුකාරිත්වය යටතේ එන නවසීලන්ත දඟ පන්දු යවන්නන් ද ගාල්ල තණ තීරුවේ අපේක්ෂා භංගත්වයට පත් වී සිටීමය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දවා ගත් කඩුළු 4න් 03ක් බිඳ දමන්නේ විලියම් ඕ’රූක් නැමිත නවසීලන්තයේ යෞවන වේග පන්දු යවන්නාය. මුල් ඉනිමේ කඩුළු 05ක් දවා ගත් වික්‍රමාන්විත වේග පන්දු යවන්නා ද ඔහුය. මේ වනවිට මේ තරගයේ ඔහු කඩුළු 08ක් ලබාගෙනය. කඩුළු 10 අභියසය. එය ගාල්ල තණ තීරුවේ දී ආශ්චර්යයක් බඳු දක්ෂතාවයකි.

පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් මෙන්ම කමිඳු මෙන්ඩිස් විලියම් ඕ රූක්ගේ ගොදුරු වූයේය. දඟපන්දු යවන අජාස් පටෙල් එක් කඩුල්ලකි. අජාස් පටෙල් දවා ගන්නේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ලය. වමත් පිතිකරුවාගේ කඩුල්ලෙන් පිටත වැඩෙන රළු පැල්ලම මතම පන්දුව පතිත කරමින් අනපේක්ෂිත දඟ කැවීමක් සහ ඉපිලීමක් ලබා ගැනීමේ වෙහෙසකර වෑයමක යෙදුන පටෙල් අවසානයේ දී දිමුත්ව ගොදුරු කර ගත්තේය.

තුන්වන දිනය අවසන් වනවිට තරගය දෙපාර්ශවයටම විවෘත ලකුණු පෙනේ. ගාල්ලේ තණ තීරුව සුපුරුදු ගති ලක්ෂණ ප්‍රකට කරනවා නම් දෙවැනි වර පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමට පහසු වන්නේ නැත. හෙට නිවාඩුවෙන් පසු පැමිණ තරගයේ අවසන් දින දෙක කෙසේ කළමනාකරණය කරනු ඇතිද යන්න මත මේ තරගය තීන්දු වනු ඇත.

අප දන්නේ එක් දෙයකි. කවදාවත් ගාල්ලේ දී පැරදුනේ නැති නවසීලන්ත කණ්ඩායම අලුත් වාර්තා තැබිය යුතු නැත. අපට හිතෙන්නේ මෙය දිනන්ටම ඕනෑ මැච් එකක් බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දය ලබා නොදුන්නොත් ඉන්න හිටින තැන් නැති කරන බවට NPP සාමජිකාවකට තර්ජනය කළ සජබ කොට්ඨාස සංවිධායකවරයෙක් අත් අඩංගුවට!

Next Post

විදුලි බලය සහ ඛණිජ තෙල් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරේ…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.