දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සඳහා පැවති චණ්ද විමසීමක දී එම යෝජනාව පරාජයට පත් විය.
ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනවා පරාජයට පත් වෙයි… ජනපතිට අප්‍රසාදය පල කිරීමේ යෝජනාව විසි වෙයි..
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද සංඛ්‍යාව 119 කි. ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
සුමන්තිරන මන්ත්‍රීවරයා ගෙනාවේ ජනපතිට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවකි. ජනපතිට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ස්ථාවර නියෝග අත්හිටුවීමට සිදු වෙයි.
ස්ථාවර නියෝග අත්හිටුවා අදාල විවාදය පැවැත් විය යුතු බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසූ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කීවේ ස්ථාවර නියෝග අත්හිටුවනවාට ආණ්ඩුපක්ෂය ලෙස තමන් විරුද්ධ බවය. වෙනත් දිනයක අදාළ විවාදය පැවැත් විය යුතු බව ඔහු කීවේය.
මේ අනුව ඇති වූ විවාදාත්මක තත්ත්වය නිසා අදාල තීරණයක් ගැනීමට ඡන්දයක් පැවැත්වීමට කතානායක වරයා තීරණය කළේය. එම චන්දයේදී ස්ථාවර නියෝග අත්හිටුවිමේ යෝජනාව පරාජයට පත් විය.