මෙවර මහ කන්නය සඳහා හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසක කුඹුරු ප්‍රමාණයක් වගා කර ඇතත් ඉන් සියයට 90කින් අපේක්ෂිත අස්වැන්න ලැබේදැයි සැක සහිත බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනාරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ලංකාසරට පැවසීය.
සාමාන්‍යයෙන් ප්‍රශස්ථ තත්ව යටතේ හෙක්ටයාරයකට වී ටොන් 4.3ක අස්වැන්නක් අපේක්ෂිත නමුත් ගොවීන්ට නිසි කලට නිසි පොහොර බෙදා දීමට නොහැකිවීම, කාබනික පොහොරවල මතුවුණු ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න ඇතුළු ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් නිසා භෝගයට නිසි පෝෂණය ලැබුණා යැයි නිශ්චිතවම කිව නොහැකි බවත් , අස්වැන්න තීරණය වනු ඇත්තේ භෝගවල පෝෂණය මත බවත් අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
“නමුත් ඉකුත් යල කන්නයේ බලාපරොත්තුවුන තත්වයට හොඳ අස්වැන්නක් ලැබුණා. මේ මහ කන්නයෙ අස්වැන්න අඩු වුනත් පහුගිය යල කන්නයේ අස්වැන්න අතිරික්තය අප සතුව තිබෙනවා. ඒ අතිරික්තයත් මේ මහ කන්නයෙ ලැබෙන අස්වැන්නේ ප්‍රමාණයත් මත සහල් හිඟයක් ඇතිවෙන එකක් නැහැ..“
මාසයකට මේ රටේ ජනතාවගේ පිරිභෝජනයට අවශ්‍ය සහල් මෙට්‍රික් ටෝන් ලක්ෂ දෙකයි. ඒ ප්‍රමාණය සපුරා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.